2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:10
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්රදේශවලටද මෙම ජල කප්පාදුව බලපානු ඇත.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අදාළ කාලසීමාව තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26