hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජරෙඩ් කුෂ්නර් ඊයේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හමුවුණා.

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණි ඔවුන් එහිදී කළ සාකච්ඡාව පැය තුනක් ඇදී ගියා.

මෙම සාකච්ඡාවට පෙර විට්කොෆ් සහ කුෂ්නර් රුසියානු ජනාධිපතිගේ ආර්ථික කටයුතු නියෝජිත කිරිල් දිමිත්‍රියෝෆ් සමග පැය තුනහමාරක පමණ සාකච්ඡාවකට එක්වුණා.

රුසියාව තම මූලික ඉල්ලීම් වෙනස් කර නොමැති බවයි මෙම සාකච්ඡා පිළිබඳ ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ.

රුසියාව දොන්බාස් ප්‍රදේශය ඉල්ලා සිටින අතර සාකච්ඡා මාර්ගයෙන් නොවේ නම් එය මිලිටරි ක්‍රම මගින් වුවද ලබාගත හැකි බවයි ඔවුන් ගේ මතය වන්නේ.

මෙම සාකච්ඡාවලින් පසු විට්කොෆ් සහ කුෂ්නර් ප්‍රමුඛ පිරිස කීව් වෙත පැමිණියා.