hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05



කටාර් දෝහා නගරයේ පැවැත්වෙන 2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේ පළමු දිනයේ පැවති තරඟවලදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු ලියනගෙදර විසින් කි.ග්‍රෑ. 60 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් දිසානායක විසින් කි.ග්‍රෑ. 65 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගන්නා ගත්තා. 

වසර 60 ඉක්මවූ ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ කුමන හෝ ක්‍රීඩාවක ශ්‍රීලාංකික ක්‍රීඩකයෙකු දිනාගත් පළමු පදක්කම් ලෙස ඉතිහාසයට එක්වේ.

Results 

60 kg Category – Men

1. Avindu Liyanagedara 

        Sri Lanka

        Snatch – 105 kg

        Clean & Jerk – 132 kg

 Total – 237 kg

2. Gomez Martinez 

        Spain

        Total – 228 kg

   3. Chun-Yen Tang

       Chinese Taipei

       Total – 227 kg 

65 kg Category – Men

1. Mohhadov Tehran 

       Iran

       Total – 289 kg

2. Ion Badanev

       Moldova

       Total – 288 kg

   3. Nipun Dissanayake

       Sri Lanka

       Snatch – 100 kg

       Clean & Jerk – 120 kg

       Total – 220 kg

ශ්‍රීලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමය විසින් මෙම තරඟය සඳහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඉදිරිපත් කරන ලද අතර කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සුජාන් වල්ගම්පාය මහතා කටයුතු කරනු ලබයි. 

තරගාවලිය සැප්තැම්බර් 12 දින තෙක් පැවැත්වෙයි.