2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:24
තමන් ඇස් බැඳගෙන සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය සත්‍යයක් බවත්, ඔහු සැබවින්ම ඇස් බැඳගෙන සිටින බව රට පාලනය කරන ආකාරයෙන් සහ රට තුළ සිදුවන විනාශයෙන් මනාව තහවුරු වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
නඩු කටයුත්තක් සඳහා සහභාගී වීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගියදා පැවැති තම පක්ෂයේ ජන රැලියේ සාර්ථකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හෙතෙම, එම රැලියේ සාර්ථකත්වය කෙතෙක්ද යන්න සැමටම පැහැදිලිව දැකගත හැකි වූ බැවින් ඒ පිළිබඳව අමුතුවෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යතාවක් නැතැයි කියා සිටියේය.
ජනාධිපතිවරයා සිදු කළ ‘ඇස් බැඳගෙන සිටීමේ’ ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“ජනාධිපතිවරයාට කිසි දෙයක් පේන්නේ නෑ. ඇස් බැඳගෙන තමයි ඉන්නේ. රට පාලනය කරන විදිහෙන්ම ඒ බව පේනවා. එතුමාම ඒ බව ප්‍රකාශ කිරීම හොඳයි. එතුමාට ඇස් පේන්නේ නෑ වගේම කනුත් ඇහෙන්නේ නෑ කියලා රටේ මිනිස්සු දැන් දන්නවා. එතුමා කරන වැඩවලින් රටට වෙන විනාශය දෙස බැලුවාම ඒක හොඳටම පැහැදිලියි. එතුමාට දැන් පොළොන්නරුවේදී කියපු දේ අනුරාධපුරයට යද්දී මතක නෑ. අනුරාධපුරයේදී කියන දේ පොළොන්නරුවේදී මතක නෑ. දැන් දැන් මේ පාලනයේ සැබෑ ස්වභාවය ජනතාව ඉදිරියේ නිරාවරණය වෙමින් තිබෙනවා.”
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:10
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26