hit counter

2026 සැප්‍තැම්‍බර් මස 19 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 19, ප.ව. 5:54



20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි-නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ වුණා.

තරගාවලිය ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලියේ නිල තේමාව “Imagine One Asia” ලෙස නම් කර තිබෙනවා.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ක් සමඟ සරණාගත කණ්ඩායමද මෙවර තරගාවලියට එක්ව සිටිනවා.

ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දක්වන තුන්වැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1958 වසරේදී ටෝකියෝ සහ 1994 වසරේදී හිරෝෂිමා නගරවලදී ආසියානු ක්‍රීඩා උළෙල පවත්වා තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් සහ නිලධාරීන් 6,000ක් පමණ එක්ව සිටින අතර, ක්‍රීඩා 43ක් යටතේ තරග ඉසව් 469කදී ඔවුන් තරග වැදීමට නියමිතයි .

මෙවර තරගාවලියේදී Padel, Teqball සහ Surfing ඇතුළු ක්‍රීඩා මෙන්ම පළමු වරට Virtual Taekwondo ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් . Virtual Taekwondo එක් කිරීමත් සමඟ තරගාවලියේ ක්‍රීඩා සංඛ්‍යාව 43ක් සහ තරග ඉසව් සංඛ්‍යාව 469ක්.