2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
අස්වැසුම ප්‍රතිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදී රැකියාගත කිරීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් “Next Sri Lanka” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමට ඉලක්ක කර ඇත.
මේ යටතේ විදේශ රැකියා සඳහා යොමු කිරීම, ස්වයං රැකියා පුහුණුව මෙන්ම හෝටල්, ඉදිකිරීම්, කාර්මික සහ සාත්තු සේවා අංශවල පාඨමාලා වෙනුවෙන් රුපියල් 150,000ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතයි. එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව 2026 වසර තුළ තරුණ තරුණියන් 1,500 දෙනෙකුට හෝටල් ක්ෂේත්‍රයේ නොමිලේ පුහුණුව ලබාදීමට ද සැලසුම් කර තිබේ.
සුදුසුකම් ලත් තරුණ තරුණියන්ට www.nextsrilanka.lk වෙබ් අඩවිය හෝ ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් මීට ලියාපදිංචි විය හැක. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඊට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල සහ SLITHM සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26