hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 6:43



ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 48යි පන්දු 1කදී සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස් කළේය.

හැරී බෘක් ලකුණු 67ක් සහ විල් ජැක්ස් ලකුණු 46ක් රැස් කළා.

සචින්දු කොළඹගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් ද නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් ද ලබා ගත්තේය.

විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5යි.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන ගත්තා.