2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ. බොහෝ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 333 මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.25ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසක් නොමැතිව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.30 සිට රුපියල් 324.25 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.30 සිට රුපියල් 333.25 දක්වා පහත වැටී තිබේ.
මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.82 සිට රුපියල් 324.70 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.92 සිට රුපියල් 332.75 දක්වා පහත වැටී ඇත.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.09 සිට රුපියල් 323.10 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.00 සිට රුපියල් 333.00 දක්වා අඩු වී තිබේ.
සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.50 සිට රුපියල් 325.00 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50 සිට රුපියල් 333.00 දක්වා අඩු වී තිබේ.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:53
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:51
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:10
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:15
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26