2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 321ක්.
කමිඳු මෙන්ඩිස් ලකුණු 54යි.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය 7 වැනි එක්දින ශතක වාර්තා කළා.

කුසල් පන්දු 100කින් ලකුණු 121ක් ලබා ගත්තා.
පවන් රත්නායක ලකුණු 48ක් ද, ජනිත් ලියනගේ ලකුණු 32ක් රැස්කළා.
පන්දු යැවීමේදී ගස් ඇට්කිසන් ලකුණු 55කට කඩුලු දෙකක් සහ රෙහාන් අහමඩ් ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත්තේය.
එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 305ක් පමණයි.
ටොම් බැන්ටන් ලකුණු 73ක් ලබා ගත්තා.
බෙන් ඩකට් ලකුණු 67ක් සහ ජෝස් බට්ලර් ලකුණු 69ක් ලබා ගත්තේය.
විල් ජැක්ස් ලකුණු 52යි.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිද්දී ඩිල්ෂාන් මධුශංක සහ එශාන් මාලිංග අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියා.
ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගෙන තරගාවලිය තරග 1ට 1ක් ලෙස සම කළා.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 6:43
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:58
2026 සැප්‍තැම්‍බර් 19, ප.ව. 5:54
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 10:23