hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 1:31



රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (28) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 31වැනිදා දක්වා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් ‘DEMERIT SYSTEM’ හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සඳහා රියදුරන් සඳහා නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහමඟ සිදුකරන රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලකුණු අඩුකිරීමට එමඟින් අපේක්ෂිතයි.

රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: