hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:16



රත්නපුර, උඩවලව ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) දිනයේ ප්‍රදේශ කිහිපයකට පැය 09ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, අද (29) පෙරවරු 10.00 සිට රාත්‍රී 07.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.

සංකපාල

පනහදූව

කොලඹගේ ආර 97 කණුව

ප්‍රදේශය 98 කණුව ප්‍රදේශය

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළකර සිටින අතර, කල්තියා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: