hit counter

2026 සැප්‍තැම්‍බර් මස 30 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:23



 මාසික ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පැතිර යන ආරංචිත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබේ.

මිල සංශෝධනයෙන් පසුව වැඩි ලාභයක් ඉපැයීමේ අරමුණින් ඇතැම් ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන නිකුත් කිරීම හිතාමතාම මන්දගාමී කර ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

කෙසේ වෙතත්, රට තුළ ඉන්ධන ආනයනයේ කිසිදු ගැටලුවක් නොමැති බැවින් මෙලෙස පෝලිම් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ, භාණ්ඩාගාරය මඟින් මෙවර වෙන් කර ඇති ඉන්ධන සහනාධාරය හිමිවන්නේ ඩීසල් සඳහා පමණක් බවත්, පෙට්‍රල් සඳහා එම සහනය හිමි නොවන බවත්ය.

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත රුපියල් කෝටි 4,100ක (රුපියල් බිලියන 41ක) සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.එම සහන මුදල් වෙන් කිරීම පහත පරිදි මාසික සීමාවන්ට යටත්ව සිදු කෙරේ

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පසුගිය මාස කිහිපයේ ගණනය කිරීම් අනුව දේශීය වෙළෙඳපොළේද තෙල් මිල ඉහළ දැමිය යුතුව තිබුණද, ඉන් වැඩි කොටසක් රජය දරාගනිමින් පාලනය කිරීමට පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ගතවූ මාස හය තුළදී පමණක් ඉන්ධන සහනාධාරය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

https://googleads.g.doubleclick.net/pagead/ads?gdpr=0&us_privacy=1—&gpp_sid=-1&client=ca-pub-3163697735980928&output=html&h=280&num_ads=1&adk=3517136257&adf=4053256982&abgtt=6&w=895&fwrn=4&fwrnh=100&lmt=1790740303&rafmt=1&armr=3&sem=mc&pwprc=4363821718&ad_type=text_image&format=895×280&url=https%3A%2F%2Fwww.lankacnews.com%2F2026%2F09%2Fblog-post_9715.html&host=ca-host-pub-1556223355139109&fwr=0&pra=3&rh=200&rw=894&rpe=1&resp_fmts=3&asro=0&aimartd=4&aieuf=1&aicrs=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTkuMC4wIiwieDg2IiwiIiwiMTUyLjAuNzk3Ny44MyIsbnVsbCwwLG51bGwsIjY0IixbWyJDaHJvbWl1bSIsIjE1Mi4wLjc5NzcuODMiXSxbIk5vdD9BX0JyYW5kIiwiMjQuMC4wLjAiXSxbIkdvb2dsZSBDaHJvbWUiLCIxNTIuMC43OTc3LjgzIl1dLDBd&dt=1790740336823&bpp=1&bdt=870&idt=1&shv=r20260929&mjsv=m202609290101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D4fbc47a26367dd5d%3AT%3D1778223465%3ART%3D1790740335%3AS%3DALNI_MZbQvPjjzyfWMfj8zy_JMHio2yFYw&gpic=UID%3D00001371af4dd8e5%3AT%3D1778223465%3ART%3D1790740335%3AS%3DALNI_MbKkKXYHMjsXxx4MA8a3hRJBT2hkQ&eo_id_str=ID%3D2917e3f5fe3f9487%3AT%3D1778223465%3ART%3D1790740335%3AS%3DAA-AfjbzLCgW291ZqbUKVW6RSMOK&prev_fmts=0x0%2C950x280%2C895x280%2C895x280%2C895x280%2C895x280%2C300x600%2C260x600&nras=8&correlator=72972634420&frm=20&pv=1&u_tz=330&u_his=50&u_h=720&u_w=1280&u_ah=672&u_aw=1280&u_cd=24&u_sd=1.35&dmc=8&adx=90&ady=2442&biw=1405&bih=612&scr_x=0&scr_y=0&eid=95396000%2C95403356%2C42533293%2C122881310&oid=2&pvsid=8438435841316007&tmod=378300266&uas=1&nvt=1&ref=https%3A%2F%2Fwww.lankacnews.com%2Fsearch&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1280%2C0%2C1280%2C672%2C1422%2C612&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&bz=0.9&pgls=CAA.&ifi=7&uci=a!7&btvi=7&fsb=1&dtd=542

ඉන්ධන සඳහා රජය අය කරන බදු මුදල අඩු නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා, සහනාධාරයක් ලෙස ලබා දෙන්නේද භාණ්ඩාගාරයට බදු වශයෙන් එකතු වන මුදලින් කොටසක් බව පැහැදිලි කළේය. තවද, ඉන්ධන මඟින් උපයා ගන්නා ආදායම් රටේ ණය පියවීම සඳහාද යොදවන බැවින් ණය ගෙවමින් මෙවැනි සහන ලබා දීමට රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: