2026 ඔක්තෝබර් 05, පෙ.ව. 10:51
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය අමායා අධිකාරි මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්. අමායා අධිකාරී සහ ඇයගේ නව සැමියා ඔවුන්ගේ පවුල් ජීවිතය සහ දරුවන් පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී සංවේදී අදහස් කිහිපයක් පළ කර තිබේ.
අමායා එහිදී පවසන්නේ තම වැඩිමහල් දියණිය මේ වන විට ලොකු බැවින් නව සැමියාට ‘තාත්තා’ යැයි පවසන ලෙස ඇයට බල කළ නොහැකි බවත්, ඇයගේ සැබෑ පියා ඇයව බලාගන්නා බවත්ය. තවද, දැනටමත් තමාට දරුවන් තුන්දෙනෙකු සිටින බැවින් තම නව සැමියාට ඔහුගේම ලේ වලින් දරුවෙකු ලබා දීමට තමාට නොහැකි බව ඔහුට පවසා ඇති බව ඇය සඳහන් කරයි.
එහෙත් ඔහු කිසි දිනෙක ඒ පිළිබඳව පැමිණිලි කර නොමැති බවත්, ඔහු ඇයගේ දරුවන් තිදෙනාම තම ජීවිත කාලයටම තමන්ගේම දරුවන් සේ භාරගෙන ඇති බවත් අමායා පවසන්නීය. මීට අදහස් දක්වමින් අමායාගේ නව සැමියා පවසන්නේ තමාට තමන්ගේම කියා දරුවෙකුගේ අවශ්‍යතාවක් කිසිසේත්ම නොමැති බවත්, අමායාගෙන් පසු තම ජීවිතයේ සිටින්නේ නම් ඒ මෙම දරුවන් තිදෙනා බවත්ය.
තමන්ගේම ලේ වලින් දරුවෙකු ලබා දීමට අමායා තුළ කැමැත්තක් තිබුණද තමාට එහි කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු පවසයි. දරුවන්ගේ ලේ සම්බන්ධතාවය තමාට අදාළ නොවන කාරණයක් බවත්, කුඩා කාලයේ සිටම එම දරුවන් බලාගත් තමා ඉදිරියටත් ඔවුන්ව ආදරයෙන් බලාගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව අමායා අධිකාරී මුහුණු පොතේ ෆොලෝවර්ස් ලක්ෂ ගණනක් සිටින නිරූපණ හා රංගන ක්ෂේත්රයේ සක්‍රීය චරිතයක් වන අතර, ඇය මීට පෙර විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටින බවත්, නව සැමියා සමඟ විවාහයෙන් පසු පවුල් ජීවිතය ගැන විවෘතව කතා කිරීමෙන් රසිකයින්ගේ ආදරය දිනාගෙන ඇති බවත් සඳහන් වේ.
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 11:32
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 10:49
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 12:02
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:33
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26