2026 ඔක්තෝබර් 08, ප.ව. 1:50
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම මගින් ව්‍යවස්ථාවේ 9 වන සහ 10 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
විනය පිටකය අනුව භික්ෂුවකගේ සිවුර ඉවත් කළ හැක්කේ නායක භික්ෂූන්ට පමණක් බවත් ඥානසාර හිමි සිරගත වූ අවස්ථාවේ ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යංශය මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් විමසිය යුතුව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.
ඥානසාර හිමියන් සිවුර ඇරවීමට හෝ සිරගත කිරීමට නායක ස්වාමීන් වහන්සේලාට උවමනාවක් නොතිබුණු බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. ඥානසාර හිමිට මෙම නඩු තීන්දුව ලැබුණේ යහපාලන ආණ්ඩුව සමයේ බවත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම මත ඥානසාර හිමිට ජනාධිපති සමාව ලැබුණු බවත් ඔහු සිහිපත් කරයි.
මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම මත ලැබුණු ජනාධිපති සමාව සාමාන්‍ය ක්‍රමවේද යටතේ වෙනස් කළ නොහැකි බවත් මේ පිළිබඳ නීතිමය පසුබිම ඉදිරියේදී රටට ප්‍රකාශ කරන බවත් රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:09
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26