hit counter

2026 ඔක්‍තෝබර් මස 09 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:27



සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ විශේෂ උත්සව අවස්ථාවකට එක්වෙමින්, සභාව හමුවේ ඉදිරිපත් කළ කාව්‍යමය ප්‍රකාශයක් ඔස්සේය.

පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වූ සිවුර සහ බන්ධනාගාර ජම්පරය පිළිබඳ සිදුවීම් පදනම් කරගනිමින් අනුනායක හිමියන් පෙන්වා දුන්නේ, වත්මන් සමාජ දේශපාලන වටපිටාව තුළ විසඳාගත යුතු බරපතළ ගැටලු රැසක් මතුපිටට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, ශාසනික අභියෝග හමුවේ නොසැලී සිටිය හැකි ශක්තිමත් භික්ෂු පරපුරක් බිහිවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දෙමින් උන්වහන්සේ මෙසේ කවියෙන් කරුණු පැහැදිලි කළහ.

“කවියෙන් කිව් නිසා ජම්පරෙ සිවුර ගැන මෙය කිව යුත්තේ
අපටත් ගැටලුවක් විසඳා ගන්නට අද පැන නැගී ඇත්තේ
කොහොම වුණත් මගේ පැතුම ඉටුවිය යුතු මතු මත්තේ
මේ පොඩි හිමිවරු ඔක්කොම වෙන්නට ඕනැ ගලගොඩඅත්තේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: