hit counter

2026 ඔක්‍තෝබර් මස 11 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:07



 ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, එමගින් රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ කාරක සභාවට අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් සිදුව ඇති අලාභය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“බාල ගල්අඟුරු ගෙන ඒම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මුලදී එය පිළිගත්තේ නැහැ. නමුත් දැන් අමාත්‍යාංශ වාර්තාවෙන්ම ඒ බව තහවුරු කර තිබෙනවා. ගුණාත්මක බවින් අඩු ගල්අඟුරු විශාල ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවීම නිසා පමණක් රුපියල් බිලියන 7ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. එමෙන්ම අළු ඉවත් කිරීමේ ගැටලු නිසා රුපියල් මිලියන 80ක පමණ පාඩුවක් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 13ක් වැයවී තිබෙනවා.

බලශක්ති උත්පාදනය අඩාල වීම හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට වෙනත් බාහිර ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා වැය වූ මුදල රුපියල් බිලියන 8,572ක්. ඒ අනුව එම පාඩුව පමණක් රුපියල් බිලියන 15.7ක් වෙනවා. මීට අමතරව ගල්අඟුරු නැව් පැමිණීම ප්‍රමාද වීම නිසා තවත් රුපියල් බිලියන 2.284ක පාඩුවක් වාර්තා වී තිබෙනවා.”

ඒ අනුව, මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 17,965ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, මෙය ලංකා ඉතිහාසයේ ලියැවෙන බරපත





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: