2026 නොවැම්බර් 29, පෙ.ව. 12:08
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල එකම තැනකින් පාලනය කෙරෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව සකස් කරන ලද අතුරු වාර්තාවක් මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අරමුදල් කමිටු තුනක් මඟින් පාලනය කිරීම ඇතුළු යෝජනා කීපයක් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර ඇති බව පවසයි.
කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්සගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මඟින් මෙම අතුරු වාර්තාව සකස්කර ඇති බව සඳහන්. අඳාළ කමිටුව කැබිනට් මණ්ඩලය මඟින් පත්කර ඇත.
එසේම එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ වෙනම ක්‍රියාත්මක අරමුදල් ඒකාබද්ධ කිරීම සඳහා වන සම්මුතියක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවතින බවත් මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇත්තේ ඒ අනුව බවත් ය.
ඒ අනුව අතුරු වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල නිර්දේශ ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිත බව සඳහන්.
2026 නොවැම්බර් 29, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:11
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:08
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:07
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26