hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:34



හරීන් ප්‍රනාන්දුගේ දියණිය වන නයාරා ප්‍රනාන්දු සිය උපාධිය ලබාගැනීම නිමිත්තෙන් මල්ෂා කුමාරතුංග විසින් සෙනෙහස පිරි සටහනක් එක් කර තිබේ.

කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අවධාරණය කරන ඇය සිය සටහනින් පෙන්වා දෙන්නේ, දැනුම යනු කිසිවෙකුට කිසිදා උදුරා ගත නොහැකි දෙයක් බවයි.

සිය සුළු දියණිය උපාධියක් ලබා ගනිමින් සනිටුහන් කළ මෙම සුවිශේෂී කඩඉම දැකීමෙන් තමන් දැඩි සේ ආඩම්බරයට මෙන්ම සතුටට පත්වන බව මල්ෂා ප්‍රකාශ කර ඇත. නයාරා මේ සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළ බවත්, මෙය ඇය අනාගතයේ ළඟා කරගන්නා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක ආරම්භය පමණක් බව තමන් විශ්වාස කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිය දියණියට උණුසුම් සුබපැතුම් එක්කරමින්, ඇය වෙත නිරන්තරයෙන්ම සිය ආදරය හිමිවන බවද මල්ෂා එම සටහනට එක් කර තිබුණාය. 
හරින් ප්‍රනාන්දුගේ දෙවන විවාහක බිරිය ලෙස මල්ෂා කටයුතු කරන අතරම (මල්ෂාගේද දෙවන විවාහයයි) එම පළමු විවාහයේ පවුල සමගද මනා සබඳතා පවත්වා යන බව හඳුනාගන්නට ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: