hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 22, ප.ව. 12:09



බදාදා දිනයට සාපේක්ෂව අද (22) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටී තිබේ. ඒ අනුව, බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් ඇත.

සෙලාන් බැංකුවේ අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.55ක් දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.80ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

බදාදා දිනයේදී එම අනුපාතික පිළිවෙළින් රුපියල් 327.40ක් සහ රුපියල් 336.65ක් ලෙස පැවතිණි. NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.40ක් දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

පෙර දිනයේදී එම අනුපාතික පිළිවෙළින් රුපියල් 327.30ක් සහ රුපියල් 336.30ක් ලෙස සටහන් විය. මහජන බැංකුවේ (People’s Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.86ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.99ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බදාදා දිනයේදී එම අනුපාතික පිළිවෙළින් රුපියල් 327.66ක් සහ රුපියල් 335.79ක් ලෙස පැවතිණි. කෙසේ වෙතත්, කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 325.83ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.75ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.

එමෙන්ම, සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.00ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.00ක් ලෙසත් නොවෙනස්ව පවතින බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: