2026 නොවැම්බර් 02, පෙ.ව. 12:03
ත්රස්තවාදය වැළැක්වීමේ නීති මේ අවස්ථාවේ ලංකාවට අවශ්ය නැති බවත් 1979 එම නීති පැනවූයේ උතුරේ ඇති වූ යම් තත්ත්වයක් නිසා බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
අනතුරුව දකුණේද සන්නද්ධ දේශපාලන ව්යාපාර ඇති වුවද මේ වන විට කිසිදු ප්රධාන පෙළේ දේශපාලන ව්යාපාරයක් සන්නද්ධ දේශපාලනයට යොමු වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
කෙනෙකු වර්තමාන ඇතැම් මුස්ලිම් කණ්ඩායම්වල කටයුතු ඇතැයි කිව හැකි වුවද ඒවාට විරුද්ධව පවතින නීති යටතේ කටයුතු කළ හැකි බවද මහාචාර්ය දේවසිරි අවධාරණය කරයි.
එහෙයින් ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ නව පනතක් ගෙන ඒමට කිසිදු යුක්ති සහගත හේතුවක් නොමැති බවද එවැනි නීති අතීතයේ සිටම අවභාවිත කළ බවද ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.
වර්තමාන යුගයේ සිදුවන්නේ 2022 මෙන් ජනතා නැගිටීම් බවත් එවැනි නැගිටීම් නම් මෙවැනි අණ පනත් මගින් කිසිසේත් පාලනය කළ නොහැකි බව ආණ්ඩුවට පක්ෂපාතී අයකු වශයෙන් තමන් සඳහන් කරන බවද වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:34
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:19