2026 නොවැම්බර් 04, පෙ.ව. 12:20
ඉන්දියානු සිනමා රසිකයන්ගේ අවධානය දිනාගෙන ඇති Ramayana චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ලන්ඩනයට එක්වූ ජනප්‍රිය නිළි සායි පල්ලවී මෙවර වෙනස්ම විලාසිතාවකින් සැරසී සිටීම විශේෂත්වයකි.
සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම් සහ ඉන්දු-බටහිර විලාසිතාවලින් සැරසී ප්‍රවර්ධන වැඩසටහන්වලට එක්වන ඇය, මෙවර කළු පැහැති ජීන්ස් කලිසමක් සහ ලා දුඹුරු පැහැති සිල්ක් කමිසයක් තෝරාගෙන තිබුණි.
මැන්ඩරින් කොලරයකින් සහ දිගු ලිහිල් අත් සහිතව නිර්මාණය කර තිබූ එම කමිසය සමඟ ඇය ගැළපෙන පාවහන් යුගලයක් ද පැළඳ සිටියාය.
ඇගේ රැලි සහිත කොණ්ඩය නිදහසේ තබාගෙන අවම ආලේපන භාවිත කරමින් මෙම විලාසිතාව සම්පූර්ණ කර තිබීම ද කැපී පෙනුණි.
මෙම අවස්ථාවට සායි පල්ලවී සමඟ Ramayana චිත්‍රපටයේ රංගන ශිල්පීන් වන රන්බීර් කපූර් සහ යෂ් ද එක්ව සිටියහ.
රන්බීර් නිල් පැහැති ජීන්ස් කලිසමක්, කළු ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ජැකට්ටුවකින් සැරසී සිටි අතර, යෂ් නිල් පැහැති ඉරුණු ජීන්ස් කලිසමක්, දුඹුරු පැහැති ටී ෂර්ට් එකක් සහ ලෙදර් ජැකට්ටුවක් තෝරාගෙන තිබුණි.
චිත්‍රපටයේ නිෂ්පාදක නමිත් මල්හෝත්‍රා සහ අධ්යක්ෂ නිතේෂ් තිවාරි ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
Ramayana චිත්‍රපටය ගැන නමිත් මල්හෝත්‍රාගේ නිෂ්පාදනයක් වන Ramayana චිත්‍රපටය කොටස් දෙකකින් යුත් දැවැන්ත සිනමා නිර්මාණයකි.
ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 4,000ක පමණ මුදලක් වැය වන බව වාර්තා වේ.
චිත්‍රපටයේ පළමු කොටස නොවැම්බර් 5 වැනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, දෙවැනි කොටස 2027 වසරේදී තිරගත කිරීමට සැලසුම් කර තිබේ. එහි රාම ලෙස රන්බීර් කපූර් ද, සීතා ලෙස සායි පල්ලවී ද, රාවණා ලෙස යෂ් ද රංගනයෙන් දායක වෙති.
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:08
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:25
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:18
04-11-26
04-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26