hit counter

2026 නොවැම්‍බර් මස 04 වන බදාදා

2026 නොවැම්‍බර් 04, පෙ.ව. 11:26



ඇමරිකානු මධ්‍යවාර මැතිවරණවල ප්‍රතිඵල අනුව එරට කොන්ග්‍රස් සභාවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය ඩිමොක්‍රටික් පක්ෂය සතුවන බව පෙනීගොස් තිබෙනවා.

ටෙක්සාස්, දකුණු කැරොලයිනා වැනි ප්‍රාන්තවල ලැබූ ඓතිහාසික ජයග්‍රහණ සමග ප්‍රාන්ත කිහිපයකදීම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් රිපබ්ලිකන් ආසන තමන් අතට ගෙන තිබෙනවා.

ඒ සමගම දැනටත් සෙනට් සභාවේ ආසන 52 ක් ඔවුන් අතට පත්ව ඇති අතර තවත් ආසන දෙකක ප්‍රතිඵල දැනටමත් වාසිදායක වී තිබෙනවා.

මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 435 න් පැහැදිලි බහුතරයක් ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙන බව පෙනීගොස් තිබෙනවා.

මේ සමග, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්වකීය ධුර කාලයේ අවසන් වසර දෙක ගතකිරීමට වන්නේ කොන්ග්‍රස් සභාවේ බහුතරය නොමැතිවයි.