2026 නොවැම්බර් 04, පෙ.ව. 11:38
අද (04) දිනයේ ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් අවප්රමාණය වී තිබේ. ඒ අනුව, වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 336ත් 337ත් අතර පරාසයක පවතින බව වාර්තා වේ.
සෙලාන් බැංකුවේ අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 328.25ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.50ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 328.10 සිට රුපියල් 328.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 337.10 සිට රුපියල් 337.25 දක්වා ඉහළ ගොස් තිබේ. මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 328.50 සිට රුපියල් 328.55 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.65 සිට රුපියල් 336.70 දක්වා ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ ද ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 326.58 සිට රුපියල් 326.72 දක්වා ඉහළ ගොස් තිබේ. එහි විකුණුම් අනුපාතය ද රුපියල් 336.50 සිට රුපියල් 336.65 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, සම්පත් බැංකුවේ ඇමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 328.50ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.50ක් ලෙසත් නොවෙනස්ව පවතින බව වාර්තා වේ.
2026 නොවැම්බර් 03, ප.ව. 4:12
2026 නොවැම්බර් 02, ප.ව. 3:24
2026 ඔක්තෝබර් 30, ප.ව. 12:02
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:22
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:21
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26