2026 නොවැම්බර් 07, පෙ.ව. 12:32
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහා ඉකුත් වර්ෂය තුල (2025) අයි.සි.සි බෙදාහැරිම්, ජාත්‍යන්තර ක්‍රිකට් සහ දේශිය ක්‍රිකට් වලින් ලැබුණු ආදායම 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 30.8කින් එනම් රුපියල් මිලියන 5,072කින් පහත වැටී ඇති බව අනාවරණය වී ඇත.
ඉකුත් වර්ෂය තුල ජාත්‍යන්තර ක්‍රිකට් සහ දේශිය ක්‍රිකට් වෙනුවෙන් දැරූ වියදම එමගින් උපයාගත් ආදායමට වඩා සැලකිය යුතු ඉහළ ගොස් තිබුණි.
මුල්‍ය කළමණාකරණයේ සහ පිරිවැය පාලනයේ පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතුවි ඇති බවද අනාවරණය වි ඇත.
එය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය තිරසරභාවයට අහිතකර ලෙස බලපා හැකි බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි.
වියදම් පාලනය ශක්තිමත් කිරිමටත්, සඵලදායි අයවැයකරණයක් සහ අධික්ෂණයක් තහවුරුකිරිමටත් ජාත්‍යන්තර හා දේශිය ක්‍රිකට් ක්‍රියාකාරකම්වල වියදම් ඒවායේ ආදායම් ඉපයිමේ හැකියාවට අනුකූලවන සකස් කිරිමටත් විධායක කමිටුව විසින් සුදුසු පියවරගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:14
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
04-11-26
04-11-26