hit counter

2026 නොවැම්‍බර් මස 08 වන ඉරිදා

2026 නොවැම්‍බර් 09, පෙ.ව. 12:23



ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය විසින් සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් ශ්වසන රෝග සම්බන්ධයෙන් දැනුම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව අවධාරණය කරන බව සඳහන්.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකදීයි.

එසේම වෛද්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ කහින විටදී සෙම සමඟ රුධිරය ගෑවී යාම හෝ සම්පූර්ණයෙන්ම රුධිරය පහවීමක් සිදුවවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතු බවයි.

“ප්‍රථමයෙන්ම අපිට තියෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි කැස්ස. දුම්පානය කරන හැමෝටම කැස්ස සහ සෙම පිටවෙන කැස්ස වගේ දේවල් තියෙනවා. හැබැයි මේ කැස්ස හැමදාම පවතින්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ගත්තොත් හැමෝටම සති දෙකකට වඩා කැස්සක් පවතිනවා නම් ඒක යම්කිසි විදියකින් පරීක්ෂා කරලා බලාගන්න ඕනේ මොකක් නිසාද කියලා. ඇදුම රෝගය වගේ දේවල් වලටත් කැස්ස සුළු සුළු වශයෙන් තියෙනවා. නමුත් තමන්ට කරදරකාරී කැස්සක්, සෙමත් සමඟ පවතින කැස්සක් සති දෙකකට වඩා තියෙනවා නම් ඒක පරීක්ෂා කරගන්න ඕනේ. විශේෂයෙන්ම දුම්පානය කරන අයගේ විතරක් නෙමෙයි, ඕනෑම කෙනෙකුගේ කැස්සක් සමඟ රුධිරය පිට වුනොත් (සෙම සමඟ රුධිරය ගෑවී යාම හෝ සම්පූර්ණයෙන්ම ලේ පහවීම) වහාම ශ්වසන රෝග වෛද්‍යවරයෙක් ළඟට පැමිණිය යුතුයි. හැම පළාතකම ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ සායන පවතින නිසා, එවැනි ස්ථානයකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමුවී එක්ස්-රේ (X-ray) එකක් වගේ පරීක්ෂණයක් කරගත යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: