hit counter

2026 නොවැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 9:54



ඊශ්‍රායල මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීමේ මුල්ම අවස්ථාව යෂාර් පක්ෂයේ නායක ගාඩි අයිසන්කොට් වෙත ලබාදීමට ජනාධිපති අයිසැක් හර්ට්සොග් තීරණය කළා.

ඒ අනුව අයිසන්කොට්ට නව ආණ්ඩුවක් පිහිටුවීමට සති හතරක් ලැබෙන අතර එම කාලය ප්‍රමාණවත් නොවේ නම් තවත් සති දෙකක කාලයක් ලබාගැනීමට ඔහුට හැකියාව තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 27 වනදා පැවති මහමැතිවරණයේදී යෂාර් පක්ෂය ආසන 21 ක් දිනාගත් අතර බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්ෂයට ආසන 27 ක් ලැබුණා. එහෙත් නෙතන්යාහුගේ සන්ධානයට ඊශ්‍රායල කනෙසට් සභාවේ බහුතරය ලැබුණේ නැහැ. ඔහුගේ සන්ධානය ආසන 53 ක් දිනාගනිද්දී අයිසන්කොට්ගේ සන්ධානයට ආසන 48 ක් ලැබුණා. ඉතිරි ආසන 19 අරාබි පක්ෂ වෙත ලැබී තිබුණා.

ගාඩි අයිසන්කොට් අගමැති ලෙස නම් කිරීමට අරාබි පක්ෂවල ද අනුමැතිය ලැබී තිබුණා. මේ අතර නෙතන්යාහුගේ සන්ධානයේ යුනයිටඩ් ටෝරා ජුදායිස්ම් පක්ෂය ඔහුට සහය දීම ප්‍රතික්ෂේප කළා. එම පක්ෂයට ආසන 7 ක් ලැබී තිබෙනවා.

මේ තත්ත්වය යටතේ අයිසන්කොට් වෙත ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලබාදීමට හර්ට්සොග් තීරණය කළා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය අයිසන්කොට් සතුව ද නැහැ. එහෙයින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඔහුට ද සැලකිය යුතු අභියෝගයක් වනවා.