hit counter

2026 නොවැම්‍බර් මස 15 වන ඉරිදා

2026 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11



අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව මිහින්තලේ හිමියන් පවසනවා.

ආණ්ඩුවේ මෙහෙයවීමෙන් සහ උපදෙස් මත පොලිසියේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම සිද්ධිය සිදුවූ බවට තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ කියා සිටියා.

ගාලුමුවදොර අරගල සමයේ නිරායුධ අරගලකරුවන්ට පහරදුන් ආකාරයටම, උපවාසයේ නිරතව සිටි කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙලෙස පහරදීම සිදුකර ඇති බවට ද උන්වහන්සේ චෝදනා කළා.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් ප්‍රචාරය කරමින් රුවන්වැලිසෑය වෙත යන පිරිස්වලට පහරදෙන බවටත්, භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ගලවන බවටත් ප්‍රචාරය කර ඇති බව උන්වහන්සේ පවසනවා.

අයවැය සම්බන්ධයෙන් මතුවන අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් සැලසුම් සහගතව මෙම සිද්ධිය සිදුකර ඇති බවට ද මිහින්තලේ හිමියන් චෝදනා කළා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුමන කරුණු ඉදිරිපත් කළද ආණ්ඩුවට වගකීමෙන් බැහැර විය නොහැකි බව අවධාරණය කළ උන්වහන්සේ, කටුසෑය සමඟ කිසිවෙකුත් සෙල්ලම් කිරීමට උත්සාහ නොකළ යුතු බව ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: