2026 නොවැම්බර් 16, පෙ.ව. 12:00
ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇත. අද පෙ.ව. 11.30 වන විට මෙම පද්ධතිය, ත්‍රිකුණාමලය සිට කි.මී. 630 ක් පමණ දුරින්, නැගෙනහිරට බරව ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණි.
තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇදෙමින් අද දින (නොවැම්බර් 16) සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වාත්, නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතී.
උතුරු, උතුරු-මැද , නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ මහනුවර, නුවරඑලිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
17-11-26
17-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
05-11-26
05-11-26