hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 20, පෙ.ව. 12:12



වර්තමානයේ ඇතැම් පිරිස් ආගම දහම කෙලෙසමින් සමාජය උසිගන්වන ක්‍රියාවල නිරත වන බවත්, තමන් වහන්සේට පවා සිවුර ගලවා ගහගන්න එන ලෙස පවසමින් රෝහල්ගත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මරණීය තර්ජන එල්ල වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කරයි.

එහිදී අදහස් දැක්වූ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය හරහා ඇතැම් ගිහි පැවිදි පිරිස් තමන්ගේ ආරක්ෂාව තර කරගන්නා ලෙස දැනුම් දුන් බවත්, විහාරාධිපති ධුරයෙන් පහකර පහරදී රෝහල්ගත කරන බවට විවෘතව තර්ජනය කළ බවත්ය. 

කෙසේ වෙතත්, ඓතිහාසික චෛත්‍යරාජයාණන් වහන්සේලාගේ ජීවමාන ආශිර්වාදය සහ නොපෙනෙන බලවේග ධර්මයේ හැසිරෙන භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන බැවින් එවැනි තර්ජන හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බවද උන්වහන්සේ අවධාරණය කළහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: