hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 20, පෙ.ව. 12:37



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලු මහජන සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එළැඹෙන (23) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු මහජන සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇත.

මහජනතාවගේ පහසුව වෙනුවෙන් එළැඹෙන (23) දිනට පෙර ලබාදී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වනවිට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව, පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන අතර සේවාලාභීන් හට ක්‍රමවේද දෙකෙන් ඕනෑම එක් ක්‍රමයක් ඔස්සේ තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගත හැකිය.

එක් ක්‍රමයක් දුරකථන මාර්ගයෙන් – 011 2 117 116 අංකය ඇමතීමෙන්,

දෙවන ක්‍රමය මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ – https://dmtappointments.dmt.gov.lk හෝ https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්,

ඒ අනුව එළැඹෙන (23) වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්‌යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: