hit counter

2026 නොවැම්‍බර් මස 22 වන ඉරිදා

2026 නොවැම්‍බර් 23, පෙ.ව. 12:21



රටවල් අතර ඉන්ධන මිල සංසන්දනය කිරීමේදී එම රටවල ජනතාවගේ ඒක පුද්ගල ආදායම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සහ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංසන්දනය කරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

”ඊයේ පෙරේදා රජයේ ඇමති කෙනෙක් එයා ඩීසල් පෙට්‍රල් වල මිල දර්ශනය කියවාගෙන යනවා. අපේ 495යි. කියලා ඊට පස්සේ කියනවා ඇමරිකාවේ 500යි. ඊළඟට කියනවා සිංගප්පූරුවේ 550යි. බලන්න බැලුවහම අපේ රටේ නේද අඩුම කියලා.

ඩොලර් 10,000ක් පඩි ගන්න මිනිහෙක් රුපියල් 650කට ඩීසල් ලීටරයක් ගැනීමත්, රුපියල් 35,000ක් පඩි ගන්න මිනිහෙක් රුපියල් 550කට ඩීසල් ලීටරයක් ගැනීමත් කියන එකේ අතරේ වෙනස තේරෙන්නේ නැත්නම් පාලකයෙකුට, ඒ පුද්ගලයා කවදාවත් ජනතා ගැටලු තේරුම් ගන්න මානසිකත්වයක් නැති පුද්ගලයෙක් වෙන්න ඕන. ඒවා කරලා ජනතාව රවට්ටනවා නම් කවුරු කරත් අපි ඒක අනුමත කරන්නේ නැහැ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: