hit counter

2026 නොවැම්‍බර් මස 25 වන බදාදා

2026 නොවැම්‍බර් 26, පෙ.ව. 12:16



භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මේ වන විට ආගමික හා සමාජීය වශයෙන් අහිතකර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීම් පිළිබඳ මේ දිනවල පළවන ප්‍රවෘත්ති නැරඹීම පවා අප්‍රසන්න වී ඇති බව ඔහු සඳහන් කළා.

තමන් දේශපාලනයට ඉතා සමීපව සම්බන්ධ වූ පුද්ගලයෙකු බව සඳහන් කළ ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ, සමාජයට යහපත් උපදෙස් ලබාදෙමින් සමාජය නිවැරදි මඟකට යොමු කරන වටිනා, ගුණවත් සහ සැදැහැවත් භික්ෂූන් වහන්සේලා බහුතරයක් සිටින බවයි.

එහෙත් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලන කඳවුරුවලට සම්බන්ධ වෙමින් කටයුතු කිරීම හේතුවෙන් ආගමික හා දේශපාලනික වශයෙන් රට තුළ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද ඔහු චෝදනා කළා.

එම තත්ත්වය හේතුවෙන් බුදුදහම සහ ආගමික ක්ෂේත්‍රය දැඩි අනතුරකට මුහුණ පා ඇති බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඉල්ලා සිටි අතර, භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන අයිතිවාසිකම් සහ සමාජය තුළ ඒ හේතුවෙන් ඇතිවන බෙදීම් පිළිබඳව රජය පුළුල් ලෙස සොයා බැලිය යුතු බව ඔහු කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ විවිධ යෝජනා සම්බන්ධයෙන් නව රජය නීති සම්මත කරමින් සිටින පසුබිමක, ආගමික වගකීම් දරන භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීම් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

“පන්සලක ඉදන් මම මේ කතාව කරන්නේ. හාමුදුරුවන්ගේ දේශපාලන මැදිහත්වීම් අප්පිරියයි මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න. මම දේශපාලනයට බොහෝම ළඟින් සම්බන්ධ වුණ කෙන්ක්. බොහෝම වටිනා, සද්ගුණවත්, සැදැහැවත් ඉතාමත්ම සමාජෙට උපදේශයක් ලබාදීලා සමාජයේ හොද සැලැස්මක් සමාජය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් බහුතර හාමුදුරුවරු පිරිසකුත්, ආගමික නායකයො පිරිසකුත් ඉන්නවා. ඒ වගේම එක කොටසක් ඉන්නව ඔවුන් මේ සමාජය තුළ දේශපාලන කඳවුරුවලට සම්බන්ධ වෙලා මේ රට තුළ කරන ආගමික දේශපාලනික විනාශය නිසාත් අපේ ආගම ධර්මය මහත් අනතුරුදායක තැනකට පත්වෙලා තියෙන්නේ. ඒක නිසා මම නව රජයෙන් ඉල්ලා සිටිනවා නීති ගොඩක් සම්මත කරන සද්දේ ඇහෙනවා මේ කාලේ. ඇත්ත්ටම අපගේ ආගමික වගකීම් දරණ හාමුදුරුවරු මගේ යෝජනාව නම් ඒ ප්‍රජාත්‍රන්තවාදී අදහස්, සියලු යෝජනා, අයිතිවාසිකම් දුන්නත් හාමුදුරුවරුන්ට දේශපාලන අයිතිවාසිකම, සමාජය තුළ ඇතිවෙලා තියෙන භේද පිළිබඳවත් පොඩ්ඩක් හොයලා බලලා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: