2026 නොවැම්බර් 28, පෙ.ව. 12:12
ලබන වසරේ රුපියල් බිලියන 4,850ක ණය පොලී සහ වාරික ගෙවීමට සිදුවුවද ඒ සඳහා රුපියල් බිලියන 3,800ක් පමණක් ණය වශයෙන් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ණය පොලී සහ වාරික ගෙවීම සඳහා අවශ්‍ය මුදල සම්පූර්ණයෙන්ම ණයට ලබාගැනීමට රජයට හැකියාව තිබුණද, රුපියල් බිලියන 1,000ක් අඩුවෙන් ණයට ගැනීමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
එම ණය ගැනීම් තවදුරටත් ඉහළ දැමුවහොත් රට යළිත් 2022 සහ 2023 වසරවල පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වයට ඇද වැටීමේ අවදානමක් පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය තුළ රාජ්‍ය සේවක දීමනාවක් හෝ වෙනත් වියදමක් වැඩි කිරීමට නම්, අලුතින් ණය ලබාගත යුතු බවත්, නැතහොත් දැනට වෙන්කර ඇති වියදම් කපා හැරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ වියදම් කපා හැරීමට සිදුවන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය හෝ රටේ සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු සඳහා වෙන්කර ඇති මුදල්වලින් බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
සෞඛ්‍ය, අධ්‍යාපන හෝ ඉදිකිරීම් වැනි ක්ෂේත්රවලට වෙන් කළ මුදල් කපා හැරීමට නොහැකි බවත්, එදිනෙදා වියදම් සඳහා පමණක් මුදල් වැය කරමින් රට පවත්වාගෙන යාම තම රජයේ අරමුණ නොවන බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවද ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
‘අයවැය සහ වැඩකරන ජනතාව’ යන තේමාව යටතේ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:11
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:08
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:07
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:05
2026 නොවැම්බර් 28, පෙ.ව. 12:05
28-11-26
28-11-26
28-11-26
28-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26