hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 2:32



වැල්ලවාය මුස්ලිම් පල්ලිය පිටුපස පදිංචි පස්හැවිරිදි දැරියක් 10 වැනිදා අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ සෙත්මි අන්සිකා නමැති දැරියක්.

මෙම දැරියගේ නිවසට නගරයේ කුළී වැඩකරන සුද්දා නැමති අයකු නිතර පැමිණෙන අතර පෙරේදා (10) සවස 2.30ට පමණ ඔහු නිවසට පැමිණ දැරියට යෝගට් එකක් අරන්දීමට යැයි පවසා ඇය සමග නගරයට ගොස් තිබෙනවා.

සවස 06 වනතෙක් දෙදෙනා නොපැමිණීම නිසා මෙම දැරිය අතුරුදන්වී ඇති බවට මව විසින් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.