hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 14, ප.ව. 2:40



නදුන් චින්තක හෙවත් හරක් කටා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව සිදුකළ රහසිගත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඩුබායි ගුවන් තොටුපලේදී පසුගිය 11 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබු බවයි පැවසෙන්නේ.

ඩුබායි වෙත පලායාමේදී භාවිත කළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් සොයාගත් තොරතුරු මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.