hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 2:12



හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය පැවසුවා.

අනතුරුව සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන රංජිත් සේනාරත්න නැමැති  ත්‍රීරෝද රථ රියදුරෙක්.

තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි පුතුව මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියා සිටියා.

28 හැවිරිදි සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

මවගේ අතකට බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.