hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 4:04



අරගලයේ අරමුණු ඉටුකරන ඕනෑම කණ්ඩායමක් සමඟ තමන් කටයුතු කිරීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂය සමග එක්වන ලෙසට තමාට ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පැවසුවා.

තමන් අණ්ඩුවට එක්වන්නේ නම් විශාල මුදල් ප්‍රමාණය ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණ බවද ඇය සඳහන් කළා.

තමන් කිසිසේත්ම ඔවුන්ගේ ගොඩට නොවැටෙන බවට දැනුම් දුන් බව ද ඇය පැවසුවා.

නමුත් හෙට දිනයේ අරගලයේ අරමුණු ඉටු කරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමග තමන් සිටගන්නා බවද ඇය පැවසුවා.

කොළඹ ඊයේ (28) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

“මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. නම කිය කිය බැන්නා පහුගිය කාලයේ. හේතුව පාර්ලිමේන්තුව තුළ අපි ගිහින් ඉල්ලීම් කරා මේක භාරගන්න කියලා. එතුමන්ලා භාරගන්න බැහැ කිව්ව වේලාවේ අපි හිතුවා භාරගන්න බෑ කිව්වේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට පෙනී සිටින්න බැරිකම කියලා. නමුත් මම අද විශ්වාස කරනවා මෙතුමා භාරගත්තේ නැත්තේ, මේ පල්හොරු එක්ක එතුමාට හිටගන්න බැරි නිසා කියන එක. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ කියලා මට ඕනෙ තැනක හිටගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. පවතින ආණ්ඩුවෙන් නම් මට බොහෝම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳගන්නවා ද අපිත් එක්ක කියලා. හැබැයි මගේ එකම උත්තරය වුණේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නෑ. හෙට දවසේ කොතැනක හරි අරගලයේ අරමුණු ඉටුකරන කණ්ඩායමක් එක්ක ඔව් මම හිටගන්නවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අරගලය සමයේ ද අරගලකරුවන්ගේ විවිධ පාර්ශව සමඟ සාකච්ජා සිදු කළා.

අරගලකරුවන්ගේ අරමුණු සහ ඔවුන්ගේ ඉල්ලීම් සහ යෝජනා එකහෙළා පිළිගනිමින් ඒවා ඉටු කරන බවට විපක්ෂනායකවරයා පොරොන්දු වී තිබුණා.

ඒ අනුව අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන ආකාරයට ඇය සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමඟි ජන බලවේගයෙන් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනන බව හැඟී යනවා.

https://youtu.be/40CnW2fMz2s




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: