hit counter

2026 අගෝස්‍තු මස 16 වන ඉරිදා

2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:14



නඩු කටයුතු කඩිනම් කිරීමට යැයි පවසා ආණ්ඩුව 22වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කරනු ලබන්නේ ව්‍යාජ අදහසක් සමාජගත කරමින් බවත් මෙවැනි ව්‍යාජ අදහස් දිගින් දිගටම සිදුකළහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අත් වූ ඉරණමටම මුහුණදීමට ජාතික ජන බලවේග ආණ්ඩුවටද සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුවට අවශ්‍ය නිලධාරීන් බදවාගැනීම බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

පොලීසිය ඇතුළු නඩු වලට අදාළව විමර්ශන කටයුතු සිදු කරන බොහොමයක් ආයතනවල තවමත් පුරප්පාඩු පවතින බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා.

තවද පහළ අධිකරණවල පවතින විනිසුරුවන්ගේ පුරප්පාඩු සම්බන්ධව සඳහන් කරමින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට රජය තවමත් අපොහොසත්ව ඇති බවද සඳහන් කළා.

මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් කටයුතු කඩිනම් නොකර නඩු කටයුතු වේගවත් කළ නොහැකි බවද චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: