2026 අගෝස්‍තු 18, ප.ව. 3:30
අද (18) දින අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ තුළ දැඩි විරෝධතාවයක නිරත වී ඇත.
මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගී සිට විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම සංශෝධනයට සිය අප්‍රසාදය පළ කළ අතර, ඒ හේතුවෙන් සභා ගැබ තුළ උණුසුම් තත්ත්වයක් ද මතුවිය.
එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ “අපි බලාගෙන ඉන්නවා මේවා කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියලා.. අද දවසම ඉන්න ඕනේ. මේගොල්ලෝ ඇත්තටම මේකට විරුද්ධ නම් මේ සතියෙම ඔහොම අල්ලන් ඉන්න ඕනේ” ලෙසයි
විපක්ෂයේ මෙම විරෝධය මධ්‍යයේ වුවද අධිකරණ අමාත්‍යවරයා විසින් අදාළ සංශෝධන යෝජනාව සභාගත කිරීමට පියවර ගනු ලැබීය. මෙම සංශෝධනය මගින් අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා වී ඇති අතර, ඊට එරෙහිව විපක්ෂය විරෝධය පළ කරයි.
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26