hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 9:59



මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබි සොයාගත් ජංගම දුරකනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

රුපියල් පනස් දහසක් ලබා දෙන බවට පවසමින් ඇය විසින් සිර මැඳිරියේ සිටි කාන්තා රැඳවියෙකුගෙන් මෙම ජංගම දුරකතනය ලබාගෙන ඇති බවට යි දැනට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අදාළ කාන්තා රැදවියාට මෙම ජංගම දුරකනය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක යි.

මේ වන විට මෙම ජංගම දුරකතනය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර එහි දත්ත ඔස්සේ ද විශ්ලේෂනය කරමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: