hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:44



කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මහ පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදු කළ තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) අත්අඩංගුවට ගත්තා.

සැකකාර පෙම්වතා සංචාරක ව්‍යාපාරයේත්, මැණික් ව්‍යාපාරයේත් නිරතව සිටියදී 2019 වසරේ ඇය හඳුනාගෙන ඇගේ සැමියා ලෙසත් ඇයගේ පෙම්වතා ලෙසත් සමාජය ඉදිරියේ පෙනී සිටි තැනැත්තෙකු බව රහස් පොලිසිය පවසයි.

ඔහු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බිස්ට්‍රල් ගොඩනැගිල්ලේ ව්‍යාපාර සමූහයක් පවත්වාගෙන යන කමල් හසන් නම් වූ ව්‍යාපාරිකයා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මෙම ව්‍යාපාරිකයා සංචාරක ව්‍යාපාරයේ මෙන් ම හෝටල් කර්මාන්තයේ ද, මැණික් සහ ස්වර්ණාභරණ, විදේශ මුදල් හුවමාරු ආයතන පවත්වාගෙන ගොස් ඇති අයෙක්.

කමල් හසන් නමැත්තා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු තිළිණි ප්‍රියමාලි සහ ඔහුගේ පෙම්වතා බව කියන තැනැත්තා සඳහා අමෙරිකානු ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 1,00,000 සහ රත්‍රන් කිලෝවක් මොහු විසින් දෙන ලද බවට රහස් පොලිසියට දුන් පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩොලර් 40,000ක් මුලදී තිළිණිට ලබා දී ඇති බව ත් එම මුදල ඇය දින කිහිපයකින් පියවා ඇති බව ත් ඉන් පසුව ලංකාවට ඉන්ධන ගෙන ඒම සඳහා අමෙරිකානු ඩොලර් අවශ්‍ය බව ඇය මොහුට ප්‍රකාශ කිරීමෙන් පසු බොර තෙල් ගෙන ඒම සඳහා කමල් හසන් නමැත්තා තිළිණි ප්‍රියමාලිට මෙම මුදල් ලබා දී තිබෙනවා.

මේ අතර, සිය බිරියගේ සහ දරුවන්ගේ කනකර රත්රන් පවුම් 137ක් මොහු විසින් ලබා දී ඇති අතර ඊට සැකකාර පෙම්වතා ඉසුරු සම්බන්ධව ඇති බව ත් අනාවරණය කරගෙන තිබෙන අතර මේ සිද්ධියේ වීඩියෝ පට ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.

සැකකාර පෙම්වතා නළු නිළියන්, දේශපාලනඥයන්, ප්‍රභූ පිරිස්, කෝටිපති ව්‍යාපාරිකයන් සමග ඡායාරූපවලට පෙනී සිටිමින් ප්‍රියමාලිගේ සැමියා ලෙස සියලු දෙනා ඉදිරියේ පෙනී සිට ඇත්තේ.

සැකකරු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කමල් හසන් නමැති ව්‍යාපාරිකයා විසින් ලබා දුන් රත්‍රන් හා මුදල්වලට වූ දේ දැන ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රිය වන තුරු ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිට තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: