2022 නොවැම්‍බර් 14, පෙ.ව. 6:11
අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
පොලීසියේ විශාල පිරිසක් පැමිණ එලෙස මෙම කාන්තාවන් දෙදෙනාව පොලිස් භාරයට ගෙන තිබුණා.
ගොරකපොල ප්‍රදේශයේ දී එම කාන්තාවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ව ජීප් රථයට නංවාගන්නට උනන්දු නොවූ බවට චෝදනා කරමින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා තල්ලු කර ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන වීඩියෝ හා ඡායාරූපද ප්‍රසිද්ධ වී තිබෙනවා.
“බලන් ඉන්නේ මොකද විරිත්තගෙන…” යනුවෙන් පවසමින් අදාළ පොලිස් නිලධාරියා බැන වැදෙන අයුරු ද එහි සටහන්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන් සිටිය යුතුයි.
එම අවස්ථාවේදී කාන්තා පොලිස් නිලධාරීන් නොසිටීම නිසා එම පොලිස් නිලධාරියා එම පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා තල්ලු කරනවා.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26