hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 8:33



අමාත්‍ය මණ්ඩලයට පොහොට්ටුවෙන් තවත් පිරිසක් පත් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ සඳහා පොහොට්ටුවෙන් නාම ලේඛනයක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවා තිබූ බව මීට පෙර වාර්තා වුණා.

කෙසේ වෙතත් එම පත්කිරීම් පසුගි‍ය කාලයේ නොවූ තැන පොහොට්ටුවේ ප්‍රබලයන් දිගින් දිගටම ඒ ගැන විමසා සිටියේ කැබිනට් ඇමතිවරුන් පත් කිරීම ඉක්මනින් කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මැති ඇමතිවරුන් අතර ද ලොකු කලකිරීමක් ඇතිව තිබෙන බව ආරංචි මාර්ග පැවසුවා.

මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රබලයන්ගේ දැනුම් දීම මත මේ ගැන විමසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි වාර්තා වනවා.

එමගින් ඉල්ලා ඇත්තේ පොහොට්ටුවෙන් නම් කළ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: