2022 නොවැම්‍බර් 20, පෙ.ව. 8:13
 
            
එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වනවා.
මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස ලැබුණු බවත් එහෙත් මේ වසරේ එය තවමත් ලැබී නැති බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට සිය ගම්වලට ගොස් සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගන්නා නමුත් ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙය මන්ත්‍රීවරුන්ට රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමට බරපතළ ගැටලුවක් වී ඇතැයිද එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික තත්වය අනුව මේ වසරේ විමධ්‍යගත අරමුදල් ලබා දිය නොහැකි බවත්, ආදායම් මට්ටම සතුටු දායක වුවහොත් ලබන වසරේ දී එය ලබාදීමට හැකිවනු ඇති බවත් සදහන් කර තිබෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25