hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2022 මැයි 04, ප.ව. 2:21



පවුල් ආරවුලක් හේතුවෙන් අක්මිමන අංකොක්කාවල ප්‍රදේශයේ දෙදරුමවක් ඇයගේ සැමියා විසින් ඊයේ (03) පස්වරුවේ දි උල් පිහියකින් ඇන ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන ප්‍රදේශයේ පදිංචි රවනි සම්මානි රාජපක්ෂ නැමති තැනැත්තියක්.

මෙම යුවළ අතර දැනට වසරක පමණ කාලයක සිට පවුල්ආරවුල් තිබි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ දි මියගිය කාන්තාව විසින් තම දරු දෙදෙනා සමග මාලඹේ ප්‍රදේශයේ පිහිටි තම මවගේ නිවසට යන බව පවසා තිබෙනවා.

ඒ සමග දෙදෙනා අතර බහින්බස්විමක් ඇතිවි තිබෙනවා.