hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 1:57



අද (30) හික්කඩුව වෑවළ ප්‍රදේශයේ දී පහරදී කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

හික්කඩුව, තිරාණාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ප්‍රසන්න කලූපගෙ නැමති පුද්ගලයකු මෙසේ කපා කොටා ඝාතනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු වෑවළ ප්‍රදේශයේ රෙදි අලෙවි සැලක් පවත්වාගෙන යන අයෙකු බව හික්කඩුව පොලීසිය සඳහන් කළා.

අද උදෑසන 10.30 ට පමණ මොහු තම බිරිඳ සමග ව්‍යාපාරික ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්වී ඇතැයි සඳහන්.

හික්කඩුව, ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති අතර මෙහිදී ඔහු සමග සිටි බිරිඳද ප්‍රහාරයට ලක්වී කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙය පැරණි ආරවුලක් මත සිදුවී ඇති බව හික්කඩුව පොලීසිය සඳහන් කළා.

හික්කඩුව පොලීසියේ ස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හික්කඩුව – බුද්ධික වීරසිංහ