hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 දෙසැම්‍බර් 26, පෙ.ව. 9:08



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මින් එක් මන්ත්‍රීවරයකු දිස්ත්‍රික් නායකයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු කාලයක් ඇමතිවරයකු ලෙසද කටයුතු කළා.

ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි හෙයින් මෙම මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් මේ දක්වා කිසිම සැලකිල්ලක් ලැබී නැතැයිද දැනගන්නට තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ හේතු මත කලකිරීමට පත්වීමෙන් විපක්ෂයේ මෙයට පෙරද අසුන් ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: