2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:05
ශ්රී ලංකාවේ අපනයන අරමුණින් කංසා වගාවට අවසර ලබාදිය යුතු බවට හිටපු මන්ත්රී ඩයනා ගමගේ මහත්මිය යළිත් වරක් ඉල්ලා සිටී. විදේශ විනිමය උපයාගන්නා මාර්ගයක් ලෙස එම කර්මාන්තය වර්ධනය කළ හැකි බවට ඇය දිගු කලක් තිස්සේ ඉදිරිපත් කරන යෝජනාව නැවත මතුකර ඇත.
ඇය මෙම ස්ථාවරය දරන්නේ අලුතින් නොවේ. 2021 වසරේ පාර්ලිමේන්තුවේදී කංසා වගාව නීතිගත කළ යුතු බවට යෝජනා කළ ඇය, පසුව ඖෂධීය භාවිතය සඳහා කංසා අපනයනය, IMF සහාය වෙනුවට විකල්පයක් ලෙස කංසා වගාව වැනි යෝජනා ද ඉදිරිපත් කර තිබේ. 2022 ඔක්තෝබරයේදී එවක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, කංසා අපනයන නිෂ්පාදනයක් ලෙස නීතිගත කිරීම අධ්යයනය කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ බව ද වාර්තා වේ.
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 7:20
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:15
04-10-26
04-10-26
30-09-26
30-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26