hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජනවාරි 04, ප.ව. 12:25



ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී පුද්ගලයෙකු හදිසි මරණයකට ලක් වී තිබෙනවා.

මොහු මරණයට පත්ව ඇත්තේ සංගීත උත්සවයේ පැවති විදුලි කාන්දුවකින් විදුලි සැර වැදීමෙන් බවට විශ්වාස කෙරෙනවා.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් ප්‍රදේශයේ ජනතාව වෙත නොමිලේ ප්‍රදර්ශනය කරනු ලබන සංගීත සංදර්ශන සහිත රාත්‍රී උත්සවයකදී  මෙම අනතුර සිදුව තිබෙනවා.

පසුගිය 19 දින සිට දෙසතියක් පුරා පැවැත්වෙන මෙම උත්සවය නැරඹීමට ගිය තරුණයකු මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත් වී තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රුමේෂ් සුරංග සුභසිංහ නම් තරුණයෙක්.

මෙම අනතුරට මුහුණ පෑ ඔහු කුරුවිට, ලෙල්ලගොඩ පාරේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා  අලුයම ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වන වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණු බව වාර්තා වෙනවා.

මෘත දේහය හදිසි මරණ පරීක්ෂණය සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

ගම්පහ – චම්පිකා මුතුකුඩ