hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජනවාරි 17, ප.ව. 4:14



කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන තරුණයකු  තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ  ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතා බව කියන සැකකරු කළා පිඨයේ සිසුවෙක් බවද පොලිසිය පවසනවා.

සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සැකකරු පලාගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.